45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී අද (24) ආරම්භ වනවා. කී‍්‍රඩා උළෙල ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත් නවය නියෝජනය කරමින් සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගණන 2100කට අධිකයි.
මෙවර ජාතික මහා කී‍්‍රඩා උළලේ දක්ෂතම කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට මෝටර් රථය බැගින් පිරිනැමෙනවා. තරගාවලියේදී පිහිටුවන නව ශී‍්‍ර ලංකා වාර්තාවක් සඳහා පිරිනැමෙන මුදල් ත්‍යාගය රුපියල් ලක්ෂයක්. නව තරග වාර්තාවකට රුපියල් පනස්දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමෙනවා. එමෙන්ම කේවල ඉසව් රන් පදක්කමක් සදහා රුපියල් 15,000ක මුදලක්, රිදී පදක්කමක් සදහා රුපියල් 10,000 ක මුදලක් සහ ලෝකඩ පදක්කමක් සදහා රුපියල් 6,000 ක මුදලක් පිරිනැමෙනු ඇති.
කණ්ඩායම් ඉසව්වල රන් පදක්කමක් සඳහා පිරිනැමෙන මුදල රුපියල් 6,000 ක්.
මේ අතර වසර ගණනාවක්ම ජාතික මහා කි‍්‍රඩා උළලේ දක්ෂතම කි‍්‍රඩකයා ලෙස සම්මාන දිනා ගත් උස පැනීමේ ජාතික ශූරයා වන දකුණු පළාතේ මංජුල කුමාරට මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලට එක්වීමට කී‍්‍රඩා බලධාරීන් අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ, මෙවර පළාත් කී‍්‍රඩා තරගාවලියට ඔහු සහභාගි නොවීම හේතුවෙන්.
කෙසේ වෙතත් දකුණු පළාත් සභාවේ හිටපු කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ කී‍්‍රඩා අමාත්‍යංශයේ මෙම තීරණයට දැඩි විරෝධයක් එල්ල කළා.
ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ එම කාලසීමාවේදී මංජුල කුමාර පුහුණුවීමක් සඳහා ඕස්ටේ‍්‍රලියාවට ගොස් සිටි බැවින් ඔහුට පළාත් තරගාවලියට සහභාගි වීමට නොහැකි වූ බවයි. එහෙත් ඕස්ටේ‍්‍රලියාවේ පැවති විවෘත මලල කී‍්‍රඩා තරගාවලියේදී මංජුල කුමාර පරිසාධන මට්ටම ඉක්මවා ඇති බව වීරසුමන වීරසිංහ පැවසුවා.
අවසන් මොහොතේ හෝ කී‍්‍රඩා අමාත්‍යවරයා මෙම ගැටලුව විසදා ගැනීමට මැදිහත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි දකුණු පළාත් සභාවේ හිටපු කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ වැඩිදුරටත් කියාසිටියේ.
මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මංජුල කුමාර, කී‍්‍රඩා අමාත්‍යංශය දැනුවත් නොකර විදෙස් ගත වීම හේතුවෙන් ඔහුට මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලට එක්වීමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි. තමන් කී‍්‍රඩා නීතියට අනුව කටයුතු කරන බවද කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළා.
මේ අතර 45 වැනි ජාතික මහා කී‍්‍රඩා උළලේ තරග විනිශ්චය කටයුතුවලින් ඉවත් වීමට කී‍්‍රඩා නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ සිය නිලධාරීන් ඇගයීමට ලක් කරන බවට ලබාදුන් පොරොන්දු කී‍්‍රඩා බලධාරීන් විසින් කඩ කිරීම හේතුවෙන් බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා කී‍්‍රඩා නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති බී. වී. ආර්. ජයලාල් කියා සිටියේ.
45 වැනි ජාතික මහා කී‍්‍රඩා උළලේ සමාරම්භක උත්සවය අද පස්වරු 2.30 ට බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)
next post
3 comments
I am sure this paragraph has touched all the internet viewers, its really really
pleasant piece of writing on building up new blog.
My web blog: day care centers
Hiya, I’m really glad I have found this info. Today bloggers publish
only about gossips and net and this is really
irritating. A good website with interesting content,
this is what I need. Thank you for keeping this web-site, I’ll be visiting it.
Do you do newsletters? Can’t find it.
My site: working from home
winter serenity