Local NewsNews

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

2007 වසරේ සිට මේ දක්වා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සිදු කෙරුණු සිසේරියන් සැත්කම් පිළිබඳ කරුණු සොයා බැලීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2007 වසරේ සිට මේ දක්වා සිදු කෙරුණු සිසේරියන් සැත්කම් 33,000 ක කරුණු මෙලෙස සොයා බලනු ඇති.

සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍යවරයා සහ එම සැත්කමින් පසු අදාළ මව්වරුන්ට දරුඵල හිමිවූවාද නැද්ද යන්න මෙමගින් සොයා බැලෙන බවයි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ වෙනම තොරතුරු සොයා බැලීමක් සිදුකරන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. මේ වනවිට වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පමණක් පැමිණිලි දහසකට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

සත්තු වත්ත අද නොමිලේ…

Maimoonar

ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…

Maimoonar

තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග

Maimoonar