29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

අන්තවාදී කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්

ජාතික තව්හීඩ් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ජූලි මස 02වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළා.

ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයන් වෙමින් අන්තවාදය පැතුරුවා යැයි කියන සිද්ධියකට අදාළව සැකකරු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුට එරෙහිව චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති බැවින් සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

සැකකරු සන්තකයේ තිබී සොයාගන්නා ලද භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති බවත් කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් වාර්තා  මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සැකකරු සන්තකයේ තිබී ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛන සහ වීඩියෝ දර්ශන පොලිසිය සොයාගෙන තිබුණා. 

මෙම සැකකරු විසින් ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් සිදු කළ බෝම්බ ප්‍රහාර සිද්ධි ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවට පොලිසිය චෝදනා කරයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

යෝෂිත CID කැදවයි.. අයථා වත්කම් සොයයි..

Maimoonar

හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Maimoonar

ලංකවට ගංජා කර්මාන්තයේ ප‍්‍රමුඛයා විය හැකියි…- ඩයනා

Maimoonar