28.5 C
Colombo
August 11, 2026
Local NewsNews

සිනමා ශාලාවල මත්පැන් අලෙවිය අත්හිටුවයි

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරිමෙන් පසු මල් අවධියේ දී සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවුවද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වා ගෙන යෑම සඳහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කල ද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයින් අපහසුතාවයට ලක් වෙන බව නිරීක්ෂණය වී ඇති බව ද රජය පෙන්වා දෙයි.

ඒ අනුව ගුණාත්මක සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙසත් මතින් තොර රටක් ගොඩනැඟීම සඳහා වන ජාතික වැඩසටහනට දක්වන දායකත්වයක් ලෙසත් මෙම තීරණය ගෙන තිබේ.

ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ජල සැපයුම 100%ක්ම යථා තත්ත්වයට පත් කිරීමට දින 3ක් අවශ්‍යයි

Maimoonar

සීනි 220යි… පරිප්පු 240යි.. රටම හිගා කනවා.. මොල හතේ මුදල් ඇමති කෝ..

Maimoonar

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය

Maimoonar

4 comments

Comments are closed.