NewsSportsSports News

සුපිරි ජයෙන් පසු සුපිරි මාලිංග කතා කරයි

අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය අතරතුර සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණි ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගයේදී සුපිරි පන්දු යැවීමක නිතර වුණා. 

ඒ, ලකුණු 49 කට කඩුළු 7 ක් දවා ගනිමින්. මෙම තරගයෙන් ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළේද ලසිත් මාලිංග නායකත්වය දැරූ ගාල්ල කණ්ඩායමයි. 

පෙර දින මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් කි‍්‍රඩා කළ මාලිංග එහිදී කඩුළු 3 ක් දවා ගැනීමට සමත් වුණා. එම තරගයෙන් අනතුරුව ඊයේ අලූයම 1.40 ට මුම්බායිි නුවරින් පිටත්ව අළුයම 4.30  පමණ ලසිත් මාලිංග සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණියා. 

කටුනායකින් පිටත්ව ඔහු මහනුවරට ළගා වූයේ පෙරවරු 7 ටයි. පැය 24 කදී මාලිංග රටවල් දෙකකදි කඩුළු 10 ක් දවා ගනිමින් දැක්වූ දක්‍ෂතා පිළිබදව මේ වනවිට කාගේත් කතාබහට ලක්වී තිබෙනවා. 

ඊයේ ලද ජයග‍්‍රහණයෙන් පසු ලසිත් මාලිංග මෙලෙස අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආර්ථික අර්බුදය නිසා මට තෝරමාළු කෑල්ලක් කන්න විදිහක් නෑ..- ෆොන්සේකා

Maimoonar

ඡන්දය දමන අවස්ථාවට ජංගම දුරකතන ගෙන යාම තහනම්…

Maimoonar

නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…

Maimoonar

512 comments

Comments are closed.