29.5 C
Colombo
February 12, 2026
NewsPolitical

පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට පත් කල කොකේන් කමිටුව මෙන්න..සභාපති නම් කොකේන් නොගහන බව රන්ජන් කියයි

කොකේන් පානය කරන කැබිනට් ඇමතිලා සිටින බවට රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් කමිටුවක් පත් කර ඇත.

අදාල චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වාර්තාවක් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීම කමිටුවට පවරා තිබේ.

ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ, එජාප විධායක කමිටු සාමාජික නිශ්ශංක නානායක්කාරයි.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කොකේන් ගහන්නේදැයි සොයා බැලීමට කමිටුවක් පත් කර ඇත්තේ පලමු වතාවටයි.

සමාජ ජාලාවන්හි මෙම කමිටුව නම් කර ඇත්තේ කොකේන් කමිටුව ලෙසින් වන අතර එම කමිටුවේ ලක්‍ෂමන් කිරිඇල්ල මහතා නම් කොකේන් ගහන්නේ නැතැයි රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් මතු කරමින් ඇතැමෙක් ප‍්‍රශ්න කර ඇත්තේ සෙසු පිරිස ගැන විශ්වාසයෙන් කිව නොහැකිද යන්නයි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

Maimoonar

සරසවි අනධ්‍යන සේවකයන්ට විසඳුම්..

Maimoonar

මගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..

Maimoonar

111 comments

Comments are closed.