January 29, 2026
Local NewsNews

කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු

කංජිපානි ඉම්රාන් නැමති පතාල සමාජිකයාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ.

ඊයේ(22) රාත්‍රීයේ දී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව කොළඹ ජම්පටා වීදියේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අබ්දුල් ගෆූර් රිස්වාන් නැමති මෙම පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 1 සහ අත්බෝම්බයක් ද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

2018 වසරේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධි 4ක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා මරණයට තැත් කිරීම හා වෙඩි තබා තුවාල කිරීම යන වැරදි යටතේ චෝදනා ලැබ සිටි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රුවන් ගුණසේකර මහතා පැවසීය.

Related posts

කළාවැව වාන් දමයි: පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

Maimoonar

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Maimoonar

අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයි

Maimoonar

1 comment

Comments are closed.