Local NewsNews

අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බව පවසා මහාපරිමාණ මූල්‍ය වංචා කළ අයෙක් බැලුම්ගල දුන් ඔත්තුවෙන් කොටු

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මහා පරිමාණ මුල්‍ය වංචා සිදු කළ පුද්ගලයෙකු නෙත් එෆ්. එම්. බැලුම්ගල කණ්ඩායම ලබා දුන් තොරතුරකට අනුව අත්අඩංගුවට ගැණුනා.  

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් අංශය විසින්.

සැකකරු මිද්දෙනිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන තමන් අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බවයි සැකකරු පවසන්නේ.  එම ආරක්ෂක නිලධාරීන්ට සහන මිලට මෝටර් රථ සහ යතුරු පැදි ලැබෙන බවත් ඒවා ඉතා අඩු මිලකට ලබා දිය හැකි බවත් සැකකරු ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෝටර් රථයක් රුපියල් ලක්ෂ 13 කටත් යතුරු පැදියක් රුපියල් 65,000කටත් ලබා දිය හැකි බවයි අත්අඩංගුවට ගත් සැකකරු පවසා තිබෙන්නේ. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නෙත් එෆ්. එම්. බැලුම්ගල කණ්ඩායම හා පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් අංශය මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළා. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහුට එරෙහිව මෙවැනිම මුල්‍ය වංචා සිද්ධීන් 9ක් සම්මබ්ධයෙන් නඩු පවරා ඇති බවත් ඉන් 6කට ඔහු වරදකරු වී ඇති බවත් මුලික විමර්ශනවලදී අනාවරණ වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු..- සජිත්

Maimoonar

අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…

Maimoonar

රතු මුහුදේ හුතී ක‍්‍රියා ලංකාවට තර්ජනයක් නම් ඊට එරෙහි ක‍්‍රියා කරනවා..- ජනපති

Maimoonar

72 comments

Comments are closed.