29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බව පවසා මහාපරිමාණ මූල්‍ය වංචා කළ අයෙක් බැලුම්ගල දුන් ඔත්තුවෙන් කොටු

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මහා පරිමාණ මුල්‍ය වංචා සිදු කළ පුද්ගලයෙකු නෙත් එෆ්. එම්. බැලුම්ගල කණ්ඩායම ලබා දුන් තොරතුරකට අනුව අත්අඩංගුවට ගැණුනා.  

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් අංශය විසින්.

සැකකරු මිද්දෙනිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන තමන් අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බවයි සැකකරු පවසන්නේ.  එම ආරක්ෂක නිලධාරීන්ට සහන මිලට මෝටර් රථ සහ යතුරු පැදි ලැබෙන බවත් ඒවා ඉතා අඩු මිලකට ලබා දිය හැකි බවත් සැකකරු ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෝටර් රථයක් රුපියල් ලක්ෂ 13 කටත් යතුරු පැදියක් රුපියල් 65,000කටත් ලබා දිය හැකි බවයි අත්අඩංගුවට ගත් සැකකරු පවසා තිබෙන්නේ. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නෙත් එෆ්. එම්. බැලුම්ගල කණ්ඩායම හා පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් අංශය මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළා. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔහුට එරෙහිව මෙවැනිම මුල්‍ය වංචා සිද්ධීන් 9ක් සම්මබ්ධයෙන් නඩු පවරා ඇති බවත් ඉන් 6කට ඔහු වරදකරු වී ඇති බවත් මුලික විමර්ශනවලදී අනාවරණ වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

Maimoonar

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

Maimoonar

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Maimoonar

72 comments

Comments are closed.