31.7 C
Colombo
February 26, 2026
Local NewsNews

අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑ

සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් අද(01) දිනයේ සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් ද නිකුත් කළ අතර එම ගමන් බලපත්‍රය නිකුත් කිරීම ඊයේ (31 )දිනයේ සිට අවසන් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර අද දිනයේ සිට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සුහුරු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ අදාළ හැදුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු බස්නාහිර සහ සබරගමු පළාත්වල අත්හදා බැලීම සිදුකල බවයි. 

එය සාර්ථක වූ බැවින් අද දිනයේ සිට දිවයින පුරා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම නව ක්‍රමය යටතේ ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේ දී අයදුම්පතේ අයදුම්කරුගේ ඡායාරූප ඇලවීම අවශ්‍ය නොවන අතර ඡායාරූප ශාලා විසින් ලබාගන්නා ඡායාරූප දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපැල් මාර්ගයෙන් යොමුකිරීමට නියමිතයි.

ජාතික හැඳුනුම්පත් සඳහා විකෘති කළ හෝ වැරදි ඡායාරූප ඇතුළත් කිරීම වැනි අයථා ක්‍රියා නතර කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල හඳුන්වා දෙන බව වියානි ගුණතිලක මහතා සඳහන් කළේය.

මේ අතර අද දිනයේ සිට මෙරට භාවිත කරන සියලුම පේනූ සහ කෙවිනි ප්‍රමිතිකරණයකට ලක් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේ ඒ අනුව සියලුම පේනූ සහ කෙවිනි ඇම්පියර් 13 හතරැස් කූරු සහිත ඒවා විය යුතු බවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

Maimoonar

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Maimoonar

සති දෙකක් රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්…

Maimoonar

1,031 comments

Comments are closed.