30.6 C
Colombo
July 1, 2026
Local NewsNews

වත්කම් බැරකම් ප්‍රකාශ අන්තර්ජාලයෙන් බාරදීමේ කාලය ජූලි 7 දක්වා දීර්ඝ කෙරේ

තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත විද්‍යුත් පද්ධතිය (centralised electronic system) හරහා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලියාපදිංචි කිරීමට සහ ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා එම කාලසීමාව එළඹෙන ජූලි මස 7 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) නිවේදනය කරන්නේ මෙලෙස දීර්ඝ කරන ලද සහන කාලය තුළ කිසිදු ප්‍රමාද ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකරන බවයි.

පසුගිය ජූනි 28 වැනිදා සිට මෙම මධ්‍යගත විද්‍යුත් පද්ධතිය වෙත එකවර පරිශීලකයන් විශාල පිරිසක් පිවිසීමට උත්සාහ කිරීම නිසා ඇතිවූ අධික තදබදය හේතුවෙන් තාක්ෂණික බිඳවැටීම් රැසක් වාර්තා විය. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුව, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමට බැඳී සිටින සියලුම පුද්ගලයන් අනිවාර්යයෙන්ම මෙම විද්‍යුත් පද්ධතිය හරහාම එය සිදුකළ යුතු වේ. මින් පෙර කොමිසම දැනුම් දී තිබුණේ 2023 මාර්තු 31 දිනට අදාළ වාර්ෂික සහ විශ්‍රාම ගැන්වීම්වලින් පසු ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ ජූනි 30 වැනිදා හෝ ඊට පෙර ලබාදිය යුතු බවයි.

මෙම පද්ධතියට දත්ත ඇතුළත් කිරීමේදී කිසියම් අපහසුතාවයකට මුහුණ දෙන පුද්ගලයන් සිටී නම්, සහය ලබාගැනීම සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රකාශන අංශයේ 076 70 11 954 හෝ 011 25 87 287 යන දුරකථන අංක අමතන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටී.

Related posts

සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයි

Maimoonar

පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..

Maimoonar

NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Maimoonar