27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි

සාමාන්‍ය දිනක වෙළඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය මෙන් එකහමාරක ගුණයක් මාර්තු 02 වනදා නිකුත් කර ඇති බැවින්, ඉන්ධන ලබාගැනීම සඳහා අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනතාව කලබල වී එක්වරම ඉන්ධන ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඇතැම් පිරවුම්හල්වල තොග අවසන් වී තිබූ නමුත්, ඊයේ පෙරවරු 6.00 සිට යළිත් අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කළ බව ඔහු සඳහන් කළේය.

ඊයේ පස්වරු 6.00 වන විට වෙළඳපොළට නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව ද සභාපතිවරයා දත්ත ඉදිරිපත් කළේය. ඒ අනුව සාමාන්‍ය ඩීසල් ලීටර් 842,810 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 95,700 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර් 597,000 ක් සහ සුපර් ඩීසල් ලීටර් 184,800 ක් පිරවුම්හල් වෙත යොමු කර තිබේ. ප්‍රවාහනයේදී සිදුවන සුළු ප්‍රමාදයන් හැර ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

කොළඹ බේස්ලයින් පාර ඇතුළු ප්‍රධාන ප්‍රදේශ කිහිපයක මේ වන විට ඉන්ධන පෝලිම් දක්නට නොලැබෙන බවත්, අද උදෑසන වන විට දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. එබැවින් ජනතාවට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සාමාන්‍ය පරිදි ලබාගත හැකි බව ඔහුගේ අදහසයි.

Related posts

වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..

Maimoonar

දූෂණයෙන් විදෙස්ගත කළ වත්කම් සොයා ගැනීමට විශේෂ කාර්ය සාධක බලකායක්!

Maimoonar

දානිෂ් අලිට සිර දඬුවම්….

Maimoonar