Local NewsNews

මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඇප මත නිදහස්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇති වූ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇප මත නිදහස් කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය පියවර ගෙන ඇත.

සාපරාධී බිය ගැන්වීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය පොලිසිය විසින් මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු මන්ත්‍රීවරයාට එරෙහිව කළ පහරදීමේ පැමිණිල්ල අධිකරණ වෛද්‍ය වාර්තා මඟින් තහවුරු නොවීමත්, එම පැමිණිල්ලේ බරපතළ පරස්පරතා පැවතීමත් හේතුවෙන් අසත්‍ය පැමිණිල්ලක් කිරීම සහ අපරාධමය බියගැන්වීම් යටතේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.

Related posts

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

Maimoonar

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

Maimoonar

තවත් රෝගීන් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි

Maimoonar