Local NewsNewsPolitical

දරුවන් 275,000කට වැඩි පිරිසක් විපතේ: “ආදරය” වැඩසටහනට නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප පරිත්‍යාග කරයි

ගංවතුරින් සහ නායයෑම්වලින් විපතට පත් දහස් සංඛ්‍යාත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආරම්භ කරන ලද “ආදරය” වැඩසටහනට, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය මාසික වැටුප සහ දීමනා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත්, පැන්, පැන්සල් ඇතුළු අත්‍යවශ්‍ය දේ සැපයීම වෙනුවෙන් මෙම වැඩසටහන පසුගිය සතියේ ආරම්භ කරන ලදී.

  • “ආදරය” වැඩසටහන සඳහා දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට දායක විය හැකි බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

UNICEF වෙතින් බරපතළ අනතුරු ඇඟවීමක්:

මේ අතර, ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් (UNICEF) සංවිධානය පවසයි.

  • යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය, සුළි කුණාටුවෙන් දරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරයි.
  • යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්ව, ළමුන්ට අවශ්‍ය හදිසි උපකාර සේවා සහ ජීවිතාරක්ෂක සේවා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, දැඩි ලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිටින දරුවන් වෙනුවෙන් හදිසි අධ්‍යාපන කට්ටල ලබා දීමට බලාපොරොත්තු වන බවත් සඳහන් වේ.

Related posts

The Women’s 100 තරගාවලියේදී Southern Brave කණ්ඩායමට තියුණු ජයක්

Maimoonar

නුවරඑළිය මාර්ග යථා තත්ත්වයට: එහෙත් කොත්මලේ නැගෙනහිරට ගුවන් මාර්ගයෙන් සහන

Maimoonar

මගේ හඬපට ප‍්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…

Maimoonar