February 12, 2026
Local NewsNews

පොලිස් නිලධාරීන් පිරිසක් මිනී මැරුමකට කුමන්ත‍්‍රණය කරලා.. නිලධාරියෙක් අත්අඩංගුවට..

2025.02.18 වන දින මිද්දෙණිය පොලිස් වසමේදී වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලිසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

2025.03.03 වන දින සවස් කාලයේ වීරකැටිය පොලිස් වසමේදී මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

මොහු විසින් සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12 ක් ලබා දී ඇති බවට දැනට සිදු කළ විර්මශන වලදී අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම අපරාධයට අඳාලව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Related posts

ඉන්ධන බද්ද රු.50ක් අඩු කිරීමට යෝජනා – බලශක්ති ඇමති කුමාර ජයකොඩි

Maimoonar

‘රට අඳුරු අනාගතයක එළිපත්තේ’ තෝරා ගත යුතු ජනපති ගැන චන්ද්‍රිකා කියයි..

Maimoonar

ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාව

Maimoonar