29.5 C
Colombo
August 20, 2026
NewsPolitical

වාහන මිල වැඩි වුනේ ගිය ආණ්ඩුවල වරදින්.. සංචිත වැඩි කරලා අඩු මිලට වාහන දෙන්නම්…

වාහන ආනයනය නතර කිරීමත් සමග දේශීය වහාන එකලස් කිරීමේ කර්මාන්තය දියුණු වූ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“2019 සිට වාහන ගෙන්වීම නතර කර තිබුණා. රට ණය උගුලක හිරකරලා ඩොලර් සංචිත විනාශ වෙලා. ඒවා කරපු කට්ටිය දැන් කියනවා වාහන මිල වැඩියි කියලා.

දැන් සංචිත යම් ප්‍රමාණයකට වැඩි වී තියෙනවා. අපනයනය වර්ධනය වී තියෙනවා. ඒ නිසා යම් පාලනයක් ඇතිව වාහන ගෙන්විය හැකියි.

නමුත් වාහන තහනමේ එක හොඳක් සිදුවී තියෙනවා. වාහන එකලස් කිරීම දියුණු වී තියෙනවා. දේශීයව සියයට 60ක් පමණ කොටස් එකතු කර වාහන හදනවා. එය අලුත් ක්ෂේත්‍රයක්. දේශීය වාහන නිෂ්පාදනයට සමාගම් 17ක් පමණ ඇවිත් තියෙනවා. වාහන ආනයනය කරන විට දේශීයව නිෂ්පාදනය කරන අයවත් ආරක්ෂා කළ යුතුයි.

අද අපි අපනයන ශක්තිමත් කරගෙන දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරගෙන යනවා. ඩොලර් සංචිතය මීට වඩා වැඩිකරගෙන අඩු මිලකට වාහනයක් ගේන්න දෙන්වා නම් හොඳයි. අපේ ඒ බලාපොරොත්තුව තියෙනවා.”

විදේශ විනිමය පනත යටතේ නියෝගයක් හා ආනයනය අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් පිළිබඳව පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

Related posts

මහනුවර පාසැල් තවත් සතියක් වසයි..

Maimoonar

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

Maimoonar

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Maimoonar