News Sports Sports News

ශ‍්‍රී ලංකා පිල පුහුණු වෙද්දී හෙණ ගහයි…

20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අතිශය තීරණාත්මක තරගය නේපාලය සමග මීලගට පැවැත්වෙයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී සිදු කළ අකුණු අනතුරු ඇඟවීම් හේතුවෙන් පුහුණුවීම් කටයුතු ටික වේලාවකට නවතා දැමීමටද සිදුව ඇත.

පුහුණු වීම් අතරතුරදී ද අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් ඊට බාධා ඇති වී තිබු අතර තරයටද වර්ෂාවෙන් බාධා ඇති වනු ඇති බවට දැනටමත් අනාවැකි පලව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ඉදිරියට යාම සම්බන්ධයෙන් යම් හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට මෙම තරඟය අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබේ.

වර්ෂාව හේතුවෙන් තරගයේ සම ලකුණු ලැබුවත් ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන් ඉවතට විසිවී යාමට ද ඉඩක් ඇත.

Related posts

හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන

Shiran Viraj

ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..

Shiran Viraj

පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

Leave a Comment