Local NewsNews

ඥානසාර හිමිට ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. ජම්පර සමග පෙරටම..

වසර හතරක කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඇප මත නිදහස් කරන ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණ විසින් අද ප්‍රතික්ෂේප කළේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා කියා සිටියේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් කිරීමට තරම් විශේෂ කරුණු කිසිවක් අධිකරණය හමුවේ හෙළිදරවු වී නැති බවයි.

ඥානසාර හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන හා අභියාචනාධිකරණය ඉදිරියේ අභියාචනයක් විභාග කිරීම ප්‍රමාද වීම සමකමින් උන්වහන්සේ ඇපමත මුදා හරින ලෙසට ඥානසාර හිමියන්ගෙන් නීතිඥයන් විසින් මෙම ඇප ඉල්පීම ඉදිරිපත් කර තිබිණි.

Related posts

කැරට් කිලෝව තෝර, තලපත් මිල පන්නයි..

Maimoonar

මෙරට කොරෝනා 18,000 පනී..

Maimoonar

කොරෝනා අති භයානක වෙයි.. වාතය හරහා සිය ගුණයක වේගයකින් පැතිරේ…

Maimoonar

4 comments

Comments are closed.