27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

ආනයන කල ඖෂධ කන්ටේනර් 40ක් රේගුවේ රදවාගනී…

ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් කොළඹ වරායේ රඳවා ගෙන ඇතිබව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

නිෂ්කාෂණ කටයුතු ප්‍රමාද වීම ඊට හේතුවී තිබේ.

අඩි 20ක් දිග බහාලුම් 22ක් සහ අඩි 40ක් දිග බහාලුම් 19ක් නිෂ්කාෂණය කර ගැනීමට තිබේ.

විවිධ රටවලින් ආනයනය කරන ලද ඹෟෂධ එම බහාලුම්වල ඇතුළත්ය.

ඉන් ඇතැම් ඒවා නිෂ්කාෂණය කර ඇතැත් මෙතෙක් වෛද්‍ය සැපයුම් අංශයට ගෙනවිත් නොමැත.

සාම්පල් පරීක්ෂා කිරීමේ ප්‍රමාද හේතුවෙන් එම බහාලුම් නිදහස් කර ගැනීම් ප්‍රමාද වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

මෙරටට ගෙන එනු ලබන ඹෟෂධ මේ වනවිට හොඳින් පරීක්ෂා කිරීම ඊට හේතු වී තිබේ.

ලිපිගොනුවල පවතින අඩු පාඩු ද ඒවා නිෂ්කාෂණය කර ගැනීම ප්‍රමාද හේතුවී ඇතිබව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 582 දක්වා ඉහළට

Maimoonar

ලංකාවේ ලක්‍ෂ 34ක් ආහාර අර්බුදයක.. පවුල් 70%කට ප්‍රෝටීන් නෑ..- WFP

Maimoonar

සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපති

Maimoonar