31.7 C
Colombo
June 20, 2025
Local News News

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමේ උත්සවයේ දී ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනයේදී එයට වෙනසක් එක් කල අතර ඊට සමාජ ජාලවල දැඩි විරෝධතාව එල්ල වෙමින් තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික ගීය රැප් හෝ නැවත මිශ්‍ර කර ගායනා කිරීමට නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඊට අදාළ පාර්ශවයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ජාතික ගීය ගායනා කිරීම සම්මත ක්‍රමයක් ඇති බවත් මෙම ප්‍රවණතා වන්ට ඉඩ දුනහොත් ඉදිරියේදී ජාතික ගීය නිරුවතින් ගායනා කළ ද තමන් පුදුම නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

එන වසරේ හෝ ඊළඟ වසරේ කොරෝනාවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා…

Shiran Viraj

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Shiran Viraj

චන්දිමාල්ගේ පාටියට ගිය ප‍්‍රකට කලා පවුලක අයෙක් පොලීසියෙන් සොයයි

Shiran Viraj