Local NewsNews

කෘත්‍රීම බුද්ධිය හා ගැටෙමින් අනාගත වෘත්තියන්ට සූදානම් වන්න…

වෘත්තීය නිපුණත්වය වැඩිදියුණු වන්නේ කල් ඉකුත් වූ දැනුමෙන් නොව යාවත්කාලින කරගත් තාක්ෂණය පදනම් වූ නව දැනුමෙන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඉතා කෙටි කාල සීමාවක් තුළ වේගයෙන් දැනුම දෙගුණ වන ලෝකයක කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සිදු වන අනාගත වෘත්තීය ජීවිතය ජය ගන්නට නම් අප මේ අවස්ථාවේ සිට ම හිඟ මානව සම්පත මනා ව කළමනාකරණය කරගනිමින් ප්‍රශස්ථ සේවයක් ලබාගත යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරු දැනු‍වත් කිරීමේ වැඩසටහනට එක් වෙමිණි.

ඉදිරියේ දී නඩුකටයුතු පිළිබඳ සමථකරණයකට එළඹීමෙන් පසු පෙර පැවැත්වීමට නියමිත ව තිබූ උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පවත්වා ප්‍රතිඵල අනුව අනතුරුව එම උපාධිධාරීන් පළාත් මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ අනුව ගුරුවරුන් වශයෙන් බඳවාගත් පසු මෙම ගුරු හිඟය බොහෝදුරට මගහැරී යනු ඇති බව ද ඉන්පසු ගුරුතුලනය යථාවත් වී පාසල් පද්ධතියේ කළමනාකරණ ව්‍යුහය ද ශක්තිමත් වීම නිසා එහි පරිපාලන කටයුතු පහසු වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

එමගින් පාසල් කළමනාකරණයට අවශ්‍ය මානව සම්පත ද ප්‍රමාණවත් පරිදි ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ අමාත්‍යවරයා ඊළඟ මාස දෙක ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෑම සේවාවක ම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ගැඹුරු මට්ටමින් සාකච්ඡා පවත්වන අතර මේ වන විටත් අදාළ වෘත්තීය සංගම් සමග ඉතා සුහද මට්ටමින් කටයුතු සිදු කෙරීගෙන යන බව ද සඳහන් කළේ ය.

තවද ‘ළඟ ම පාසල හොඳ ම පාසල‘ වැනි සංකල්ප ඉදිරියට ගෙනවිත් පාසල්වලට අවශ්‍ය භෞතික පහසුකම් වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

– මාධ්‍ය ඒකකය

Related posts

රනිල් වික්‍රමසිංහ වටා විපක්ෂය රොද බඳියි: NPP ආණ්ඩුව ඒකාධිපතිත්වයට යන බවට චෝදනා

Maimoonar

අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

Maimoonar

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..

Maimoonar

1 comment

Comments are closed.