Local NewsNews

රන් කිලෝ තුනහමාරක් සමග ආණ්ඩුවේ මන්ත‍්‍රී කටුනායකදී අත්අඩංගුවට.. ඔහු ඉරි තුනේ නියෝගයෙන් ජනක එලවන්න ඇවිත්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මැදපෙරදිග සිට මෙරටට පැමිණෙන අවස්ථාවේ රත්ත්‍රන් කිලෝ තුනහමාරක පමණ ප‍්‍රමාණයක් ගෙන ඒම හේතුවෙන් මෙසේ රේගු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ඔහු එහි රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටී.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් නෙරපීම සදහා වන විවාදය ට හෙට දින සහභාගී වීමට නිකුත් කරන ලද ඉරි තුනේ නිවේදනය අනුව ඔහු අද මෙරටට පැමිණ තිබේ.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්

Maimoonar

ජනතාව පෝලිමේ සිටීම ගැන අපට සමාවෙන්න.. ඉක්මනටම පෝලිම් නැති කරනවා..

Maimoonar

අපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- ජනපති

Maimoonar

211 comments

Comments are closed.