NewsPolitical

මැතිවරණය නෑ.. සියළු සභා කොමසාරිස් යටතට.. සියළු මන්ත‍්‍රී ධුර අහෝසියි…

මාර්තු මස 19 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා රට පුරා සියලූ පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් වීමට නියමිතව තිබේ.

දැනටමත් වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු මස 19 වැනිදායින් අවසන් වෙයි.

ඒ අනුව දැනට මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන සියලු දෙනාගේ මන්ත්‍රී ධුරය ද එදිනෙන් පසු අහෝසි වෙයි.

මාර්තු මස 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් තෝරා පත් කර ගැනීමට සැලසුම් කර තිබුණද දැනට පවතින තත්වය මත මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යාමේ තත්ත්වයක් උදාවී ඇත.

ඒ අනුව මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතටත්, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතටත් පැවරීමට නියමිතව තිබේ.

Related posts

රට පුරා කීරි සම්බා හිගයක්.. කිලෝ 320 සීමාවේ…

Maimoonar

ලෝක කුසලානය අස්සේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය අවුරුදු අටකින් දිගු කරන්න ගැසට්ටුවක්…

Maimoonar

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Maimoonar

5 comments

Comments are closed.