30.6 C
Colombo
August 24, 2026
Local NewsNews

ශ‍්‍රී ලංකා සීමාව පැන්නූ ඉන්දීය ධිවර පිරිසක් අත්අඩංගුවට…

යාපනය පේදුරුතුඩුවට නුදුරින් පිහිටි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

ඉන්දීය ධීවරයින් විසින් පේදුරුතුඩුව මුහුදු තීරයට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති.

ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන පවත්නා සෞඛ්‍යාරක්ෂිත පියවරයන්ට අනුව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 12 දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

Related posts

චීනය සැඟවූ කොරෝනාව ගැන ලොවට හෙලිකල වෛද්‍යවරයා මියයයි : රටපුරා ජනතා විරෝධයක් නැග එයි

Maimoonar

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..

Maimoonar

ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army

Maimoonar

673 comments

Comments are closed.