February 12, 2026
Local NewsNews

තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි…

අද දහවල් දොළහේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ඇණවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඉරිදා නිවාඩු දිනයක් බැවින් එදිනටද ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවද ඒ අනුව සදුදා දිනය තෙක් ඉන්ධන ප‍්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවත් ඔවුන් කියා සිටී.

අද පෙරවරුවේ ඉන්ධන පුරවාගත් රථ හැර කිසිඳු බවුසරයක් පිරවුම්හල් වෙත නොයනු ඇති බවත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.

මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී ඇත්තේ සැලසුම් කළ ඉන්ධන නැවු ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද වෙන බවත් මෙරටට පමිණෙන දිනයක් සහතික කළ නොහැකි බවත් ඒ නිසා ඉදිරි කාලය තුල ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවත්ය.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට තීරණය කෙරේ

Maimoonar

මාදැල් කර්මාන්තයේදී යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැළකී පවතින නීතියට ගරු කරන ලෙසට දැනුම්දීමක්

Maimoonar

අරලියගහ මැදුර ලොක්ඩවුන්.. සේවකයන් නිවසේ සිට වැඩ.. අගමැති මාධ්‍ය ලේකම්ගේ නිවේදනය අසත්‍යයි..- බැසිල්

Maimoonar

684 comments

Comments are closed.