29.5 C
Colombo
October 1, 2026
International NewsNews

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පසුගිය දා කෝප් කමිටුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කලකිරීමට පත්වූ බව අදානි සමාගම පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බලපෑම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් අදානි සමාගමට ලබා දෙන ලද බවට මෙරට නිලධාරියෙකු සිදුකළ ප්‍රකාශයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් මෙලෙස කලකිරීමට පත්වන බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අපගේ අභිප්‍රාය වන්නේ වටිනා අසල්වැසියෙකුගේ අවශ්‍යතා සපුරාලීමයි. වගකිවයුතු ආයතනයක් ලෙස, මෙය අපගේ ජාතීන් දෙක සැමවිට ම බෙදාගත් හවුල්කාරිත්වයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස අපි දකිමු. එම විවේචනය හරහා අපගේ කීර්ති නාමයට සිදු වූ හානිය සම්බන්ධයෙන් අපි පැහැදිලිව ම කලකිරීමෙන් ඉන්නේ,” ඔහු ප්‍රකාශ කර ඇත.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය සෘජුව ම ඉන්දීය අදානි සමාගමට ලබා දෙන ලෙස අගමැති මෝදි බලපෑම් කිරීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වෙත පැවසූ බව එම්.එම්.සී. ෆර්දිනැන්ඩු මහතා පසුගිය දා කෝප් කමිටුවේදී ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත්, පසුව ඒ මහතා එම ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදිසගහත බව සඳහන් කරමින් කෝප් කමිටුවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණි.

අනතුරුව ඔහු සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.

Related posts

බෙලිඅත්තේ ඝාතන පැජරෝව විද්‍යාලෝක පිරිවණෙන් හමුවේ..

Maimoonar

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Maimoonar

කොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..

Maimoonar

497 comments

Comments are closed.