NewsPolitical

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

69 ලක්ෂයක ජන වරමට මූලික පදනම දැමූ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීම ජනවරමට අනුව සිදුකළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත පිරිස් විසින් පෙන්වා දී ඇත.

අද අරලියගහ මන්දිරයේ දී පැවති අග්‍රාමාත්‍යවරයා සමග වූ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

යමිකිසි ලෙසකින් අග්‍රාමාත්‍යවරයා එසේ ඉවත් කිරීමක් සිදු වුවොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද එම ඉරණම අත්වීම වැළැක්විය නොහැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.

එහිදී ඔවුන් ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොවිය යුතු බවත් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බවටත්ය.

ජනාධිපතිවරයා බලයට පැමිණියේද මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම මතින් නිසා කිසිදු ආකාරයක ඡන්ද පදනමක් නැති පුද්ගලයන් සමග අන්තර්වාර ආණ්ඩුව නිර්මාණය කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු බවද ඔවුන් මෙහිදී පෙන්වා දී තිබේ.

Related posts

ගෑස් මිල ගැන නිවේදනයක්…

Maimoonar

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරනු.. භූමදාන එපා.. ඉස්ලාම් ලෝකයේ බුද්ධිමත්ම පාලක සාජා සුල්තාන් ප්‍රශ්නය විසදයි…

Maimoonar

නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..

Maimoonar

102 comments

Comments are closed.