‘සමගි ජන බලවේගය ආර්ථිකය භාර දීලා තියෙන දීල තියෙන්නෙ කාටද? ආචාර්ය හර්ෂ ද සිල්වා කබීර් හෂීම් ඉරාන් වික්‍රමරත්න සියල්ල ආචාර්යවරුන් විෂයානුබද්ධ දැනුමක් තියෙනවා’ යයි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඔහු එහිදී මෙසේද සදහන් කලේය.
පසුගියදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කළ රාජාසන කතාව අපි අහගෙන හිටියා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ ඒ කතාවෙන් පිළිබිඹු වුණේ එතුමාට මේ කෝවිඩ් ප්‍රශ්නයට නිසා රටට ඇති වෙච්ච තත්ත්වය ගැන. එතුමා නිදහසට කරුණු කිව්වේ කෝවිඩ් ප්‍රශ්නය මුල්කරගෙන. එතුමා නිතර විපක්ෂයෙන් සහයෝගය ඉල්ලුවා .එසේ ඉල්ලුවත් අපිට එයට වේදිකාවක් නැහැ .
මම අද පෙන්වන්නේ අද ඉතාමත් වැදගත් කරුණක්. ආණ්ඩු පක්ෂයයි ජනාධිපතිතුමයි විපක්ෂයෙන් සහයෝගය ඉල්ලනවා. අවංකවම විපක්ෂයේ සහයෝගය අවශ්‍ය වුණා නම් ආණ්ඩුව කළ යුත්තේ මුලින්ම පාර්ලිමේන්තුවට දැනුම් දීම මේ රටේ ආපදාවක් සිදුවෙලා තියෙනවා කියලා ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි. අද වන තෙක් එය කර නැහැ ඉන්පසු ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් කරන්න තිබුණේ 2005 ආපදා කළමනාකරණ පනත යටතේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂය සමන්විත ආපදාකළමනාකරණ කමිටුවක් පත් කරන්න. එහි සභාපති අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමා විපක්ෂ නායක තමා ඉන්නවා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු විසි හතරක් ඉන්නවා ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 පත් කරනවා මහ ඇමැතිවරු ඉන්නවා ඉතින් ආණ්ඩුවට මුලින්ම කරන්න තිබුනේ විපක්ෂයේ සහයෝගය ඕනනම් මෙම ආපදා කළමනාකරණ කමිටුව පත් කරන්නයි.මම මතක් කරනවා අපිට පාර්ලිමේන්තුවේ කතා කරනවා විනා කිසිම අවස්ථාවක් නැහැ අපේ අදහස් රට වෙනුවෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ කතා කරනවා හැර. එයට බලය තියෙනවා කමිටුවක් පත් කළා නම් මෙවැනි අවස්ථාවකදී සහයෝගය දෙනවා ඒ වගේම ගතයුතු ක්‍රියාමාර්ග අවශ්‍ය නීතිරීති ඒ සියල්ලම බලා ගැනීම සඳහා කටයුතු කරන්න එම කමිටුවට බලය තියෙනවා නමුත් අද වෙනකන් ආපදාකළමනාකරණ කමිටුව ගරු ජනාධිපතිතුමා පත් කළේ නැහැ.
එසේ පත් කරන්නේ නැතුව අපේ සහයෝගය ඉල්ලීම පුස්සක් එම කමිටුව පත් කරානම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එයට මැදිහත් වෙලා රට වෙනුවෙන් අවශ්‍ය යුතුකම ඉෂ්ට කරන්න අවස්ථාවක් තියෙනවා අද වෙනකන් ඒක ඉෂ්ඨ කර නෑ අපි කිහිප වතාවක් පාර්ලිමේන්තුවේදී කිව්වා එය පත් කරන්න කියලා නමුත් රජය පත් කරේ නැහැ රජයට ඕන වුණේ අහංකාරකමකට ඉන්න අපට මේක තනියම කරන්න පුළුවන් කියලා කවුරුත් අවශ්‍ය නැහැ කිව්වා මොකක්ද කමිටුව පත් කරන්නේ නැතුව හමුදා පතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා පාරලිමේන්තුව ගණන් ගත්තේ නැහැ පනතේ වගන්ති තියෙනවා එම කමිටුවට කලින් කියපු අයට අමතරව විශේෂඥ දැනුම තියෙන අය සම්බන්ධ කරගන්න පුලුවන් නමුත් මේ රජය පාර්ලිමේන්තුව අමතක කරලා මේ අවුරුදු දෙකම කටයුතු කළා.
ජනාධිපතිතුමාත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිදුකළේ සංදර්ශනයක් එය ලෝකයට පෙන්වන්න ලෝකෙට පේන්න උදව් දෙන්න කියනවා නමුත් උදව් කරන්න අපට වේදිකාවක් නැහැ .මේකෙන්ම පේනවා මේ අය බොරු කරන්නේ කියලා මෙම ආපදා කළමනාකරණ පනත යටතේ මෙවැනි අවස්ථාවක් මුලින්ම පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ඕන එය ප්‍රකාශනයකින් අද වන තෙක් පාර්ලිමේන්තුවට ඒක දැනුම් දීලා නැහැ ඒ වගේම මෙම පනත යටතේ වන්දි ගෙවන්න පුළුවන් එම ආපදාවට ලක් වෙච්ච අයට වන්දි ගෙවන්න බලතල තියෙනවා වින්දිතයන්ට පමණක් නෙමෙයි අපි දන්නවා හමුද නිලධාරීන් මේ වැඩේට බැහැලා හමුදා නිලධාරීන් විශාල ගණනකට කොරෝනා කෝවිඩ් හැදුනා ඇත්ත වශයෙන්ම මෙම පනත යටතේ එවැනි අයටත් වන්දි ලබා දෙන්න හැකියාවක් තිබෙනවා. ඒවා කිසි දෙයක් කළේ නැහැ උදේ ඉඳන් රෑ වෙනකම් ටීවී එකේ කියවනව විතරයි නමුත් පාර්ලිමේන්තුව විශ්වාස කළේ නැහැ මුල ඉඳන්ම පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් එවල මෙහෙම ආපදාවක් තියෙනවා කියලා ඊට පස්සේ මේ ආපදා කළමනාකරණ කමිටුව පත් කරල සියල්ල එක මේසෙකට ගෙන්නලා සාකච්ඡා කළා නම් මීට කලින් මේ ප්‍රශ්නයෙන් මිදෙන්න අපිට තත්ත්වයක් ඇතිවෙනවා නමුත් ඒ කිසි දෙයක් කරේ නැහැ ආණ්ඩුව අහංකාරකමකට ර හිටියා තනියම කරන්න පුළුවන් කාගෙවත් උදව් ඕන නැහැ කිව්වා .
ඉදිරියටත් රජයට අපි කියන්නේ ප්‍රමාද වෙලා හෝ මෙය පත් කරන්න මොකද වෛද්‍ය මතය අනුව මේ වසංගතය ඉතාමත් ඉක්මනින් අපේ රට පුරා පැතිරෙනවා ඒ බව පුවත්පත්වල දිනපතා පළ වෙනවා.
රජය අපෙන් උදව් ඉල්ලනවා උදව් අවශ්‍ය නම් 2005 ආපදා කළමනාකරණ පනත යටතේ එම කමිටුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන්න ඒ තුළ අපි ඒ අවශ්‍ය සහයෝගය දෙනවා අපට ඒ සඳහා තවම ස්ථානයක් නැහැ පාර්ලිමේන්තුවේ කතා කරනවා විතරයි ඒක තමයි එදා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කළෙු එතුමා තමයි මුලින්ම පාර්ලිමේන්තුවට කෝවිඩ් වසංගතය ගැන දැනුම් දුන්නේ එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ ගැන අහල තිබුනෙත් නැහැ හිනා උනා මුඛ ආවරණ පළඳින්න කිව්වම හිනා උනා අවශ්‍ය නැහැ කිව්වා මේ අඩුපාඩු පාර්ලිමේන්තුවේ පෙන්නන්නෙ නැතුව කමිටුව ඉදිරියේ පෙන්නන්න තිබුණා එහිදී කමිටුව තීරණ ගන්නවා ඒවා ක්‍රියාත්මක වෙනවා නමුත් මේ අය තනිවම අහංකාරකමට විපක්ෂය අවශ්‍ය නැහැ කියලා තනියම කරන්නම් කියලා බාර ගත්තා දැන් රට අනතුරේ කලින් කිව්ව වගේ වසංගතය නැවතත් පැතිරෙන්න පටන් අරගෙන මම දැනුත් කියනවා ප්‍රමාද වෙලා හෝ මේ ආපදාකළමනාකරණ කමිටුවක් පත් කරන්න.
මේ ආපදාවන් රක්ෂණය කරන්න පුළුවන් ඒවා ආණ්ඩුව දන්නෙ නැහැ යම්කිසි ආපදාවක් කළින් දැනගත්තානම් එය රක්ෂණය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා එයට රජයක් හැටියට විමසිල්ලෙන් ඉන්න ඕන සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනවාරි 24 පෙබරවාරි 5 වැනිදා කිව්වා මෙහෙම වසංගතයක් දකුණු දිග ආසියාවෙන් ආරම්භ වෙලා තියෙනවා මේ ලංකාවටත් එනවා අපේ රට අපේ රට බේරගන්න පුලුවන් කියලා එතුමා පැහැදිලිව කිව්වම ආණ්ඩු පක්ෂයේ අය හිනා උනා ඒ අය කෝවිඩ් ගැන අහලවත් නෑ එම නිසා රජයට නැවතත් කියනවා ප්‍රමාද වෙලා හෝ ආපදා කළමනාකරණ කමිටුව පත් කරන්න. රාජාසන කතාව පුස්සක් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ නමුත් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වලට ඩොලර් අර්බුදයට විදුලි අර්බුදයට ගෑස් අර්බුදයට ජීවන වියදම් ප්‍රශ්නයට කිසිම උත්තරයක් නැහැ මොනවද කිව්වේ 2030 සම්පූර්ණ වන ඒවා ඩිජිටල්කරණ පුනර්ජනනීය බලශක්තිය වරාය නගරය ගැන කතා කළා එහි එක ගොඩනැගිල්ලක් තාම හදලා නැහැ එදා ජනතාවට විවෘත කළේ මංතීරුවක් පමණයි මෙම වරාය නගරය අවසන් වෙන්නේ 2035 ඊට කලින් සත පහකවත් ආදායමක් අපේ රටට එන්නේ නැහැ ඒකට ගිය මුදල් ,හම්බන්තොට වරායට ගිය මුදල්, මේ වගේ මත්තල ගුවන් තොටුපළට ගිය මුදල්, කොළඹ නෙළුම් කුළුණ ගිය මුදල්, ඒවාගෙන් තමා අවුරුදු දහයකට කිසිම ලාබයක් එන්නේ නැහැ පොලිය ගෙවන ඇරෙන්න ආණ්ඩුවට විකල්පයක් නැහැ. අවුරුදු ගාණක් ඉදිරියට කරන ඒවා ගැන නෙමෙයි මේ මාස තුන හතරක් ඉදිරියට කරන ඒවා ගැන හිතලා බලන්න මේ සතියේ ඉන්ධන නැහැ පැය 4 ක විදුලි කප්පාදුවක් තියෙනව මේවට මොකක්ද උත්තර.කන්ටේනර් දාහක් පමණ වරාය හිර වෙලා ඒවට උත්තර නැහැ පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමයින්ට මුදල් ලබාගන්න බැහැ ඒ අය අනාථ වෙලා ජීවිතේ වටිනාම කාලය ඒවාට ප්‍රශ්න ඒවට විසඳුම් ජනාධිපතිතුමාගේ කථාව නැහැ.
ජනාධිපත් තුමා කෙලින්ම කිව්වා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවා කියලා හැබැයි පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මොකක්ද කළේ සයිටම් පුද්ගලික විශ්වවිද්‍යාල පටන් ගත්තේ එක අපි කරගෙන යනකොට විරුද්ධ වෙනවා විශ්වවිද්‍යාල ප්‍රජාව එයට විරුද්ධව උසි ගැන්වූ දැන් තමයි වැදගත්කම තේරිලා තියෙන්නේ දැන් එතුමා කියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕන කියලා අපි ඒක කිව්වේ අවුරුදු විස්සකට කලින් රාගම දැන් තිබෙන වෛද්‍ය විද්‍යාලය අපි පෞද්ගලික විශ්ව විද්‍යාලයක් විදියට පටන් ගත්තේ අවුරුදු තිහකට කලින් අවුරුදු 30 කට පස්සේ විරුද්ධ වෙලා දැන් කියනවා ඒවා ආරම්භ කරන්න කියලා දැන් තමයි ඇස් ඇරල තියෙන්නෙ විපක්ෂයේ දී හැම දෙයටම ඒ අය විරුද්ධ වුණා සයිටම් එකට විරුද්ධ වුණා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වුණා දැන් කැමති වෙලා.
මානව හිමිකම් ගැන ජනාධිපතිතුමාට පළපුරුද්දක් නැහැ එතුමා තවම හිතාගෙන ඉන්නේ ආරක්ෂක ලේකම් කියලා පළපුරුද්ද තියෙනවා නම් මුලින්ම කරන්නේ පාර්ලිමේන්තුවේ එතුමාගේ විශ්වාසය රැකගන්න එක ජනාධිපති අපේක්ෂක උනාම ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය ගැන මාධ්‍යවේදියෙක් ඇහුවම මහින්ද රාජපක්ෂ මහත්තයා ගේ මූණ දිහා බලනවා ඒකෙන්ම තේරෙනවා එතුමාට ආර්ථිකය දැනුමක් නැහැ කියලා එතුමාට වුවමනාව තිබුණා නමුත් පළපුරුද්ද නැත්තං කරන්න බැහැ.
සමගි ජන බලවේගය ආර්ථිකය භාර දීලා තියෙන දීල තියෙන්නෙ කාටද? ආචාර්ය හර්ෂ ද සිල්වා කබීර් හෂීම් ඉරාන් වික්‍රමරත්න සියල්ල ආචාර්යවරුන් විෂයානුබද්ධ දැනුමක් තියෙනවා.
මේ රජය ප්‍රාදේශි සභාව කල් දැම්මා අපි රජයට කියන්නේ එහෙම කරන්න එපා එහෙම කරන්න හේතුව තිබුනොත් අන්ත පරාජයක් ආණ්ඩුවට අත් වෙන නිසා මේ සැරේ ඇපත් නැති වෙනවා දැන් ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා දැන් ආණ්ඩුවට ඕන සංශෝධනයක් ගෙනල්ල පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන් ඒත් තියන්නේ නැහැ රජය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඉස්සර වෙලා මැතිවරණ කල් නොදා ඡන්දය තියන්න ජනමතය උරගා බලන්න කාලය හරි ඉන්දියාවේ මැතිවරණ කල් දමන්නේ නැහැ එහි මැතිවරණ දින කාටවත් වෙනස් කරන්නත් බැහැ අපි අභියෝග කරනවා වහාම මැතිවරණ තියන්න කියලා නමුත් පරාද වෙයි කියලා බයට තියන්නේ නැහැ.
මාධ්‍ය ඒකකය
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
12 comments
I love your blog.. very nice colors & theme. Did
you create this website yourself or did you hire someone to do it for you?
Plz respond as I’m looking to construct my own blog and would like to find out where u got this from.
kudos
Amazing things here. I am very happy to peer your article.
Thanks a lot and I’m having a look ahead to touch
you. Will you please drop me a e-mail?
Very descriptive blog, I liked that a lot. Will there be a part 2?
magnificent put up, very informative. I wonder why the opposite specialists of this sector do not
notice this. You should continue your writing.
I am confident, you’ve a great readers’ base already!
This article will help the internet visitors for building up new
blog or even a weblog from start to end.
Your mode of telling all in this article is actually
nice, all be capable of simply be aware of it, Thanks a
lot.
The interest rates are lower than loans on equity release is basically.
The real estate industry is no exception.
Look into my blog post :: item518484357
I highly recommend her for any real estate needs.
my web-site :: Bookmarks
The interest rates are lower than loans on release.
Here is my page – Lifetime mortgage calculator no details
Used this company 3 times for an overseas PCS.
Feel free to visit my web blog :: car transportation from State to state
I’ve been exploring for a little bit for any high-quality articles or blog posts in this kind of
area . Exploring in Yahoo I ultimately stumbled upon this website.
Reading this info So i am glad to express that I have
a very good uncanny feeling I came upon exactly what I needed.
I such a lot surely will make certain to don?t fail to remember this
web site and provides it a glance regularly.