27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..

සෑම වසරකම හින්දු භකිතකයින් විසින් වසර ආරම්භයේදී සිදුකරන තයිපූසයි දේව පූජාව 18 රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී උත්සාවාකාරයෙන් පැවත්වුණි.

කෙසේ නමුත් අදාල දේව පූජාව වෙනුවෙන් සහභාගී වූ සියලු බැතිමතුන් සමාජ දුරස්ත භාවය, මුඛාවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත පියවර කිසිවක් අනුගමනය නොකරමින් මෙම දේව පූජාවට සහභාගී වීම පිළිබඳව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

විශාල දේව මණ්ඩපයක් විශාල කඹ යොදා ගෙන බැතිමතුන් විසින් මණ්ඩපය ඇදීම මෙහෙදී සිදුකෙරෙන අතර මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වුවද සියලුම බැතිමතුන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගනය නොකරමින් මෙම අවස්ථාවට සහභාගී වීම මගින් දැඩි කොරෝණා අවධානමක් මතුවන බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

Maimoonar

පාසලේ පරිගණකය ඥාති පුතුට තෑගි දුන් විදුහල්පතිගේ වැඩ තහනම්..

Maimoonar

රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීමට පියවර

Maimoonar

5 comments

Comments are closed.