28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ඩෙංගු මෙන් කොවිඩ් සමඟත් ජීවත් වෙන්න වෙනවා…

ඩෙංගු රෝගය පාලනය කර ගනිමින් ජීවත් වන ආකාරයට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමඟ මේ නව තත්ත්වය මතුව ඇති බව පැවසූ මලවිගේ මහත්මිය සැමදා කොවිඩ් සමඟ ජීවත් විය නොහැකි බැවින් මහජන සෞඛ්‍ය වැඩසටහන්වලින් ඉගෙන ගැනීමට සිදුව ඇති බවත් පැවසුවාය.

නීලිකා මලවිගේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ කොවිඩ් 19 අභියෝගය හමුවේ ඉදිරි ගමන යන මැයෙන් මාර්ගගතව කොළඹදී පැවති මාධ්‍ය සංවාදයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරිය මෙසේද කීවාය,

ඩෙංගු රෝගය අපේ රටේ පවතිනවා. අප ඒ රෝගයත් සමඟ එය පාලනය කර ගනිමින් ජීවත් වෙනවා. ඒවගේ මේ අවස්ථාවේ කොවිඩ් රෝගය සම්බන්ධයෙන්ද එවැනි මට්ටමකට පැමිණීමටයි අපට සිදු වන්නේ. මේ නව තත්ත්වය ඇති වන්නේ වේගයෙන් ප්‍රචලිත වන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමඟයි. ඒත් හැමදාම අපට කොවිඩ් සමඟ කාලය ගත කළ නොහැකියි. අපගේ මහජන සෞඛ්‍ය වැඩසටහන්වලින් ඉගෙන ගත යුතුයි. වැදගත් වන්නේ මරණ වැළැක්වීමයි. දැන් ඇති වී තිබෙන අනිත් සංවාදය තමයි කාටද එන්නත දෙන්නේ කියන කාරණය.

මෙය තීරණය කිරීම ඉතා අපහසු ප්‍රශ්නයක්. 60ට වැඩි වැඩිහිටියන්ට වැඩියෙන් ලබා දෙනවාද නැතිනම් අවුරුදු 20ට වැඩි තරුණ පරපුරට ලබා දෙනවාද ළමයින්ට එන්නත දෙනවාද වැඩිහිටි පරපුරට තුන්වැනි මාත්‍රාව දෙනවාද යන්න තීරණය කිරීම අභියෝගාත්මකයි. වැදගත් කාරණය තමයි එන්නත් ගත් අයත් මරණයට පත් වෙනවා.

ඇතැම් මාධ්‍යවලින් කොවිඩ් රෝගය වැලඳුණු අය පෙන්වන්නේ මහා අපරාධකාරයන් පෙන්වනවා වගේ. මේ වරදත් නිවැරැදි විය යුතු කාරණයක්.

– බුද්ධි කරුණාරත්න

Related posts

තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි…

Maimoonar

‘පෙර රජයක් සිටියා නම් විනාශයේ බරපතළකම සිතාගැනීමටත් අපහසුයි’ – ජාතික භික්ෂු පෙරමුණ

Maimoonar

Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..

Maimoonar