27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

මේ මොහොතේ රට වසා දැමීම අසාධාරණයක් බව ස්වං රැකියා නියුක්තිකයන්ගේ සංගමය සඳහන් කරයි.

රට වසා දැමීම හේතුවෙන් පීඩාවට පත් වූ ලක්‍ෂ 65ක් වන ස්වයං රැකියා නියුක්තියන් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත යුතු බවද එම සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා කියා සිටී.

ජනාධිපති අගමැති ඇමැතිවරු මන්ත්‍රීවරු ආණ්ඩුකාරවරු තානාපතිවරුන් ඇතුළු අයගේ වැටුප් හා රාජ්‍ය සේවකයන්ගේ වටුපෙන් අඩක් මහා භාණ්ඩාගාරයට ලබාගෙන ස්වයං රැකියා නියුක්තිකයන් සඳහා ලබා දිය යුතු බව ඔහු යෝජනා කරයි.

එසේ කළ නොහැකිනම් කිසිවෙකුට මෙම වසා දමන කාලයේ දී වැටුප් නොගෙවා සිටින්නැයිද ඔහු ඉල්ලා සිටියි.

රට වසා දැමීමේදී ස්වයං රැකියා වර්ග වලින් ජීවත් වන පුද්ගලයන් සිය සිය කෑම බීම පවා සොයාගන්නේ කෙසේදැයි රට වහන්නැයි ඉල්ලීම් කරන අය පෙන්වා දිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

Related posts

නව මහ බැංකු අධිපති, නව මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කරයි…

Maimoonar

පෘථිවියේ පැවැත්මට ජනපතිගෙන් යෝජනා..

Maimoonar

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ FCID හමුවට

Maimoonar

575 comments

Comments are closed.