NewsSportsSports News

ලාබාල ප‍්‍රවීන්ගේ පලමු තරගයේදීම බංගලාදේශය දගකවා දමයි.. ලංකාවට විශිෂ්ඨ ජයක්.. තරගයේ වීරයා ඔහුයි..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිම සඳහා කඩුළු 07කට ලකුණු 493 ලබා සිටියදී තම ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව බංගලාදේශ පිලට ලබාදුන්නේය.

ඔවුන් තම මුල් ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 251 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 194 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.

බංග්ලාදේශය තම දෙවන ඉනිම සඳහා ලකුණු 227කට සියලු දෙනා දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාවට ලකුණු 209ක් ජයග්‍රහණයක් අත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තම පලමු ටෙස්ට් තරගයට සහභාගි වන ප්‍රවීන් ජයවික්‍රම මෙම තරඟයේ ඉනිම දෙකේදීම කඩුලු 11 ක් ලබා ගනිමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානයද දිනා ගනු ලැබීය.

Related posts

බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..

Maimoonar

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

Maimoonar

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Maimoonar

1,561 comments

Comments are closed.