27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

අලුත්ගම, බේරුවල, ධර්ගා නගයේ කොරෝනා නිසා වසා දැමූ මත්පැන් හල් යලි අරී…

පැතිර යන කෝවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අලුත්ගම , ධර්ගා නගරය , සහ බේරුවල යන නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට කළ නි නියෝගය දෙ දිනකින් පසු ඉවත්කර යළි 4 දින සිට එම නගර තුනේ වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දීමට කටයුතු කළ බව අලුත්ගම සහ බේරුවල පොලිස් ස්ථාන සඳහන් කළහ .

මෙම නගර තුනේ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල්පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මැයි මස 2,3 දෙදින වසා තැබූ අතර වෙළෙඳ ප්‍රජාව, බේරුවල නගරාධිපතිවරයා , පොලිස් නිලධාරින් හා රාජ්‍ය නිලධාරීන් එක්ව බේරුවල නගර සභා පරිශ්‍රයේදී කළ සාකච්ඡාවකින් පසුව ගත් තීරණයක් අනුව යළි මෙම වෙළඳ සැල් විවෘත කිරීමට කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා අවසර දුන් බව බේරුවල නගර සභාවේ නගරාධිපති මසාහිම් මොහොමඩ් මහතා සඳහන් කළහ .

ඒ අනුව දෙදිනක් වසා දමා තිබූ අලුත්ගම , බේරුවල, සහ දර්ගා නගරයේ වෙළඳසල් සියල්ල සහ අලුත්ගම නගරයේ වසා දමා තිබූ රජයේ බලපත් හිමි රටබීම වෙළඳසැල් 4 දින සිට යළි විවෘත කිරීමට අවසර ලබාදී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළහ .

Related posts

ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි: නව නිෂ්පාදන 7ක් වෙළෙඳපොළට

Maimoonar

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරට

Maimoonar

පාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනි

Maimoonar

9 comments

Comments are closed.