29.5 C
Colombo
August 20, 2026
NewsSportsSports News

එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ ලද ජයග්‍රහණයත් සමගයි. එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලිය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු සටහනේ 04 වන ස්ථානයේ පසුවුණා.

නවසීලන්ත කණ්ඩායම පමණක් මේවනවිට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් මේවනවිට ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ දෙවන ස්ථානයේයි. තෙවැනි ස්ථානය ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට හිමිව තිබෙනවා.

ඊයේ ලද පරාජයත් සමග මෙතෙක් ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඉන්දීය කණ්ඩායමට දැන් හිමිව ඇත්තේ සිවුවන ස්ථානයයි. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම සදහා එංගලන්තය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් අතර තවදුරටත් තියුණු සටනක් පවතිනවා.

ඉන්දීය කණ්ඩායම ෂක්‍ක්‍ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2 ට 1ක් හෝ 3 ට 1 ක් ලෙස ජයගත යුතුයි. එංගලන්ත කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් ඔවුන් මෙම ටෙස්ට් තරගාවලිය තරග 3 ට 0, 

3 ට 1 ක් හෝ 4 ට 0 ක් ලෙස ජය ගත යුතු වනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය එංගලන්ත කණ්ඩායම තරග 1 ට 0 ක්, 2 ට 0 ක් හෝ 2 ට 1 ක් ලෙස ජයගත යුතුයි. මෙම ටෙස්ට් තරගාවලිය තරග 1 ට 1ක් හෝ 2 ට 2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වන ස්ථානයයි.

Related posts

ජනවාරියේ ඩොලර් සංචිත පහල වැටේ…

Maimoonar

19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

Maimoonar

හැමතැනම රතු පාට වූවත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගැටලු නැහැ – ඇමති බිමල් රත්නායක

Maimoonar

688 comments

Comments are closed.