30.3 C
Colombo
August 12, 2026
International NewsNews

ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්

ඇෆ්ගනිස්තානය පුරා හදිසියේ මතුව ඇති අභිරහස් ඝාතන රැල්ලක් පිලිබදව එරට ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ වෛද්‍යවරුන් ,ජනමාධ්‍යවේදීන් , මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ආදි සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් රැසක් පසුගිය සතිකිහිපය තුළදී අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

සංවිධානාත්මකව සිදුවන බවට හෙළිදරව් වී ඇති මෙම ඝාතනවල වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැත.

එහෙත් ඇඝ්ගනිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ සමාජ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පෙනී සිටින විවිධ ක්‍රියාකාරිකයන් තෝරාගෙන තලේබාන් සංවිධානය විසින් මෙම ඝාතන සිදුකරන  බවටයි.

රටේ ප්‍රතිසංස්කරණ අරමුණු වැළැක්වීමේ දිගුකාලීන අරමුණක් සහිතව මෙම ඝාතන සිදුකරන බවද එරට ආරක්ෂක අංශ උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

Related posts

පොහොට්ටුවට වෙන අපේක්‍ෂකයෙන් නෑ.. රනිල්ට සහාය දිය යුතුයි..

Maimoonar

ඊශ‍්‍රායලයට යළිත් නිරෝධායන සීමාවන් පනවයි

Maimoonar

ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..

Maimoonar