28 C
Colombo
July 9, 2024
Local News News

කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශ 10 ක් හුදෙකලාවෙන් නිදහස්

කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල ප‍්‍රදේශ කිහිපයක් අද අලූයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදා හැරියා. කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොළඹ දිස්ති‍්‍රක්කයේ මෝදර පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලූත්කඬේ බටහිර හා නැගෙනහිර ග‍්‍රාම නිලධාරී වසම් හුදෙකලා භාවයෙන් මුදාහැරි බවයි. 

එමෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග‍්‍රාම නිලධාරී වසම සහ මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත ප‍්‍රදේශය ද අද  හුදෙකලා භාවයෙන් මුදා හැරියා.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත හා මීගහවත්ත ග‍්‍රාම නිලධාරී වසම් ද එලෙස හුදෙකලා භාවයෙන් මුදාහැරි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. එමෙන්ම පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගඟබඩ ග‍්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත්ත ප‍්‍රදේශද අද අලූයම පහේ සිට හුදෙකලා භාවයෙන් මුදා හැරියා.

කිරිබත්ගොඩ පොලිස් වසමට අයත් විලේගොඩ උතුර ග‍්‍රාම නිලධාරී වසමේ ශ‍්‍රී ජයන්ති මාවත ද මෙලෙස මුදාහැරි තවත් ප‍්‍රදේශයෙක්.

මේ වනවිට හුදෙකලා කර ඇති අනෙකුත් ප‍්‍රදේශයන් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදෙකලා ප‍්‍රදේශ වශයෙන් පවතින බවයි කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 

මේ අතර තවත් කොරෝනා මරණ 02 ක් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව මේවනවිට 213 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක්. නිධන්ගත රෝග තත්ත්වයන් සමග කොරෝනා වෛරසය ආසාදිතවීම මරණවලට හේතුව බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 

Related posts

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Shiran Viraj

රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි..

Shiran Viraj

අරගල නායකයන් පිරිසක් රටින් පනින්න යයි…

Shiran Viraj

2 comments

jazz instrumental October 10, 2023 at 2:12 am

jazz instrumental

Reply
piano music October 25, 2023 at 5:21 am

piano music

Reply

Leave a Comment