29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

කොවිඩ් නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේ

මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන් ද රට යම් බැරෑරුම් ස්ථානයකට ගමන්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ සති දෙකක් වැනි කෙටි කාලයකදී කොවිඩ් මරණ 11ක් වාර්තාවීම අනතුරුදායක තත්ත්වයක් බවය.

එහිදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “රට තුළ කොවිඩ් ව්‍යාප්තියේ පළමු අවස්ථාවේ මාස 9ටම මරණ සිදුවූයේ 13ක්. නමුත් මේ අවස්ථාවේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මරණ 11ක් වාර්තා වී තිබෙනවා. මේ මරණයට පත්වුණු සමහර අය කොවිඩ් රෝගීන් කියලා අපි දැනගන්නේ මරණ පරීක්ෂණයේ දි. ඒ කියන්නේ සමහර අය ගෙවල්වලදි තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. මේක අපේ විශේෂ අවධානයට ලක්විය යුතු දෙයක්. අපිට ප්‍රායෝගිකව පේන්න තියෙන දේ තමයි මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට මීට වඩා වැඩියෙන් කතා කරන්න වෙයි. සමහර අයගෙ, PCR මුල් පරීක්ෂණයේදී නෙගටිව්වෙලා තිබ්ච්ච අයගෙ තමයි මරණයෙන් පස්සේ පොසිටිව් වෙලා තියෙන්නෙ. මේ මරණ ඔස්සේ ඉතා පැහැදිළිව පේන්නේ PCR පරීක්ෂණ නැවත නැවත සිදුකිරීමට ඇති අවශ්‍යතාවය. වයසක අය තමයි ගොඩක් මේ ගෙවල්වල මරණයට පත්වෙලා තිබුණේ. ඒකෙන් පැහැදිළි වන දේ තමයි සමාජයට ගිහින් නෙමෙයි ඒ අයට බෝ වුණේ. වෛරසය ගෙදරට ඇවිල්ලා. අවදානම් කණ්ඩායම් රැකබලා ගැනීමට ජනතාවට ලොකු වගකීමක් තියෙනවා.” යනුවෙනි.

adaderananews

Related posts

එළිසබත් මහා රැජිණන ජාතිය අමතයි

Maimoonar

ඌරගස්මංහන්දියේදී පියෙකු එල්ල කළ කැති පහරකින් 15 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට

Maimoonar

ඉන්ධන මිල පහත දැමේ.. නව මිල ගණන් මෙන්න…

Maimoonar

4 comments

Comments are closed.