International NewsNews

අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයි

2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ නීත්‍යානුකූල ඡන්ද ගණනය කළහොත් තමා අනිවාර්යයෙන් ජයග‍්‍රහණය කරන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ධවල මන්දිරයේදී ප‍්‍රකාශයක් සිදු කරමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේ තමාට හිමි ඡන්ද බහුතරයක් සොරකම් කර ඇති බවයි. නමුත්, ට‍්‍රම්ප් මෙම අදහස් ප‍්‍රකාශ කර ඇත්තේ, කිසිදු සාක්ෂියක් නොමැතිව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

කෙසේ වෙතත් තමා මේ වනවිටත් ජනපතිවරණයේ ජය තහවුරු කර අවසන් බව පාක්ෂිකයින් අමතමින් ජෝ බයිඞ්න් ප‍්‍රකාශ කර තිබෙනවා. අවසන් ප‍්‍රතිඵලයද තමන් විසින්ම පාක්ශිකයින් වෙත ප‍්‍රකාශයට පත් කරන බව ජෝ බයිඞ්න් අවධාරණය කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.            

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රථිඵලය තවමත් නිකුත් වී නැහැ. තවත් ප‍්‍රාන්ත 05 ක ප‍්‍රථිඵල නිකුත් වීමට නියමිතයි. ප‍්‍රකාශිත ප‍්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල 264 ක ජය හිමි කරගෙන ඇත්තේ ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් විසින්. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක් පමණයි.

nethnews

Related posts

‘ආදරය’ වැඩසටහන යටතේ හම්බන්තොට දරුවන්ට පොත්පත් බෙදා දෙයි

Maimoonar

රටේ ජනතාවගෙන් සොරකම් කල සියලු ධනය ගේනවා..- ඇමති වසන්ත

Maimoonar

පනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..

Maimoonar

2 comments

Comments are closed.