February 26, 2026
NewsPolitical

ජාතික ධනය විනාශවීම වැලැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම්

2025 වසර අවසන්වීමට පෙර සියලූ නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා. ඒ ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

ගංගා, ඇළ දොළ සහ ජල පෝෂක ප‍්‍රදේශ පිරිසිදු කොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

ඉදිරි වසර 04 තුළ පවුල් ලක්ෂ 47 කට ජලය සැපයීම රජයේ අපේක්ෂාවයි. දේශීය සහ විදේශීය අරමුදලින් ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ජල නළ කිලෝ මීටර් 40,000ක් අලූතින් එළීමට සිදු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ දක්වා ජල සම්පාදනයට වැය වූ පිරිවැයෙන් හරි අඩකින් ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

එම සාකච්ඡාවට එක්වූ නිලධාරීන් ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ ජලය ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස ජලය කාන්දුවන ස්ථාන හඳුනාගෙන අලූතින් ජල නළ එළීම මේ වනවිට සිදු කරමින් පවතින බවයි. ප‍්‍රජා ජල ව්‍යාපෘති සේවක ගැටළු විසඳීම සම්බන්ධයෙන් ද එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී තිබෙනවා.

ජල නළ එළිමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක‍්‍රියාත්මක කිරීමටයි එහිදී එකඟතාව පළ කර ඇත්තේ.  රටේ පානීය ජල අවශ්‍යතාව සපුරලීමට යන සමස්ත වියදමෙන් සියයට 30 ක් පමණ එමගින් ඉතිරි කර ගත හැකි බව අනාවරණය වී තිබෙනවා.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීන් සහ ප‍්‍රජා ජල ව්‍යාපෘති නියෝජිතයින් එම සාකච්ඡාවට එක්ව සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!

Maimoonar

ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…

Maimoonar

තවත් 501කට කොරෝනා.. බන්ධනාගාර පොකුර තව ලොකු වෙයි..

Maimoonar

81 comments

Comments are closed.