29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

සහරාන්ගේ සොහොයුරු රිල්වාන් ගැනත් ජනපති කොමිසමේදී තොරතුරු රැසක් එළියට

පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාවෙන් පසු සයින්දමර්දු ප‍්‍රදේශයේ පිපිරීමකින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් හෂීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේදී තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. ඒ, ඔහු 2018 වසරේදී කොළඹ ජාතික රෝහලින් ප‍්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අවධානය යොමු වූ අවස්ථාවේදීයි.

කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය එච්.කේ.චන්දන සඳහන් කළේ 2018 අගෝස්තු 27 වැනිදා හිසට, වම් ඇසට සහ අතකට දරුණු තුවාල සිදුවූ රෝගියෙකු හදිසි ප‍්‍රතිකාර ඒකකයට ගෙන ආ බවයි. රෝගියා සමග තවත් සිව්දෙනෙකු පැමිණි බව සඳහන් කළ වෛද්‍යවරයා, එම රෝගියා එම්. අයි ශාහිඞ් ලෙස ලියාපදිංචි කළ බව ද ප‍්‍රකාශ කළා. එය ව්‍යාජ නමක් බවයි හෙළි වී ඇත්තේ.

ඒ අවස්ථාවේ කොමිසමේ සාමාජිකයින් විසින් සහරාන්ගේ සොහොයුරු රිල්වාන් හෂිම්ගේ ඡුායාරූපයක් පෙන්වා එදින ගෙන ආ රෝගියා මොහුදැයි විමසා සිටියා. වෛද්‍යවරයා එහිදී අදාළ රෝගියා රිල්වාන් හෂිම් බවට හදුනා ගෙන තිබෙනවා.

එමෙන්ම මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහොමඞ් ඊබ‍්‍රාහිම් සාදික් අබ්දුල්ලා හක්ගේ ඡුායාරූපයක් පෙන්වා ඔහුව හඳුනන්නේ දැයි කොමිසම යළි විමසා සිටියා. වෛද්‍යවරයා සඳහන් කළේ ඔහු අදාළ රෝගියාගේ භාරකරු ලෙස පෙනී සිටි තැනැත්තා බවයි.

එසේම එදින කොළඹ ජාතික රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියද ඊයේ සාක්ෂි ලබාදුන්නා. ඇය ප‍්‍රකාශ කර ඇත්තේ රැුකියා ස්ථානයේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම තුවාල සිදුවු බව තුවාලකරු පැවසුවද තුවාලවල ස්වභාවය හේතුවෙන් ඒ ගැන තමන්ට සැකයක් ඇතිවූ බවයි.

නමුත් සැකකරු රෝහල් පොලිස් ඒකකයට ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදි, ඔහු සමග පැමිණි පිරිස කලබලයට පත්වු බවත් එතැන් පටන් කෝපයෙන් හැසිරුණු බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර කොමිසමේදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ සහරාන්ගේ සොහොයුරා සති 3 ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබා ඇති බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඊලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..

Maimoonar

නර්තනයෙන් දෙයක් කරන්න කැමැතියි මේනක රාජපක්ෂ

Maimoonar

දැදුරු ඔය රුදුරු වෙයි.. සියළු වාන් දොරටු විවෘතයි..

Maimoonar

3 comments

Comments are closed.