BusinessBusiness NewsNews

කොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (14) දිනයේ දී වඩාත් සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. දිනය අවසානයේ දී රු. බිලියන 3.68 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී කොමර්ෂල් බැංකුවේ රු. බිලියන 2.93 ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු වී තිබීම කැපී පෙනුණි.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,393.54 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 26.29 ක් හෙවත් 0.60% ක වර්ධනයකි. කෙසේ වෙතත් S&P SL20 දර්ශකය අද දිනයේ දී ඒකක 8.77 ක හෙවත් 0.51% ක පහළ යාමක් වාර්තා කළේය. දිනය අවසානයේ දී S&P SL20 දර්ශක අගය සටහන් වූයේ ඒකක 1,720.38 ක් පරිද්දෙනි.

අද දින සියලු කොටස් මිල දර්ශකය සඳහා සමාගම් 98 ක් ධනාත්මක දායකත්වයක් ලබා දුන් අතර එහිදී ඩිස්ටිලරීස්, ඩයලොග්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, ටෙලිකොම් සහ ඇක්සෙස් ඉංජිනියරින්ග් සමාගම් කැපී පෙනුණි.

මේ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, ලංකා දුම්කොළ සමාගම, ගාර්ඩියන් ඉන්වෙස්ට්මන්ට්ස් සහ එල් බී ෆිනෑන්ස් සමාගම් ඇතුළුව සමාගම් 53 ක දායකත්වය සෘණාත්මක අයුරින් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීම සඳහා බලපාන ලදී.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ප‍්‍රබල නවසීලන්තයට ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක්..

Maimoonar

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයි

Maimoonar

ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

Maimoonar

772 comments

Comments are closed.