Local NewsNews

අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්

දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්.

මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම අදත් (03) සිදු කරයි.

අද දිනයේද විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නොහැකි වන්නන්ට අප්‍රේල් 06 වන සඳුදා ඒ සඳහා වෙන්කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ඒ සඳහා ඔවුන් වෙනුවෙන් අදත් ඖෂධසැල් විවෘත කර තබන ලෙසට රජය උපදෙස් දී තිබේ.

මේ අතර ජල බිල්පතේ ගිනුම් අංකය 0779399999 යන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් ජල සැපයුම පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලබාදීමට ජල සම්පාදන මණ්ඩලය මගින් ලබාදී ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

Maimoonar

කොරෝනා නිසා මිය ගණණ 258 දක්වා ඉහළට

Maimoonar

ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…

Maimoonar

2 comments

Comments are closed.