29.5 C
Colombo
February 12, 2026
Local NewsNews

PickMe සහ සතොස එකතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ.

 “පික් මී” ආයතනය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළේය.

කොළඹ නගරය ආශ්‍රිතව අද (25) දිනයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ අතර හෙට (26) දිනයේ සිට එම වැඩපිළිවෙල අනෙක් පළාත්වලද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරඇති බව නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළේය.

මේ අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ මැනිං ‍වෙළඳපොලේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.  


අදාල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කොළඹ මැනිං ‍පොදු වෙළඳ සමිතියේ සභාපති රනිල් හෙට්ටිගේ මහතා පැවසුවේ හෙට දිනයේ පුරුදු පරිදි තොග වෙළදාම් කටයුතු සිදු කරන බවයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

බේරුවලින් කොරෝනා 15ක් හමුවේ.. 25,000ක් නිරෝධායනයට..

Maimoonar

අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමති

Maimoonar

Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…

Maimoonar