29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

යාපනය උඩුවිල ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයයට අයත් නාවඩි ගම්මානයේ ජනතාවට සිය නිවාසවලින් පිටතට යාම හෝ ගම්මානයට කිසිවකු ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

කොරෝනා වෛරස් ආසාදිත රෝගියෙකු යාපනය ප්‍රදේශයෙන් හමු වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

ස්විට්සර්ලන්තයෙන් පැමිණි දේවගැතිවරයකු විසින් පැවැත්වු දේව මෙහෙයට සහභාගී වූ විශාල පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සහභාගී වී ඇත්තේ මෙම ගම්මානයෙන් වීම නිසා මෙම තීන්දුව ගෙන ඇත.

ගම්මානයට හමුදා ආරක්ෂාව යොදවා ඇති අතර මාර්ග සියල්ල වසා දමා තිබේ.

කොරෝනා වෛරසය ‍ව්‍යාප්තවීම පාලනය සඳහා මෙම තීන්දුව ගත් බව යාපනය දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කරයි.

මෙම ගම්මානයේ එක් පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…

Maimoonar

උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..

Maimoonar

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Maimoonar

485 comments

Comments are closed.