NewsPolitical

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..

පිලිපීනයේදී කරන අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහ පාරේ වෙඩි තබන ක්‍රමවේදය අනුගමනය නොකර රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව කැබිනට් නොවන ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පිලිපීනයේ ක්‍රමය අනුගමනය කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පිලිපීන සංචාරයේදී කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නම් ඊට පූර්ණ සහාය ලබාදෙන බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ කොල්ලුපිටියේ සිය අමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

Maimoonar

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමති වරුන්ට දන්වයි..

Maimoonar

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය

Maimoonar

79 comments

Comments are closed.