February 27, 2026
Local NewsNewsSportsSports News

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

මේ සමඟින් දෙරට අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදු විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 128ක සීමිත ලකුණු සංඛ්‍යාවකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116ක් පමණි. ඒ අනුව ලකුණු 12ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමි විය.

මෙම පරාජයත් සමඟ ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහි සිය දැඩි අප්‍රසාදය පළ කළහ. 

තරගය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ රැඳී සිටින අවස්ථාවේදී ප්‍රේක්ෂකයින් විරෝධය දැක්වූහ. “හරියට ක්‍රිකට් ගසන්නට නොහැකි නම් කණ්ඩායමෙන් ඉවත් වන්න” යැයි පවසමින් ප්‍රේක්ෂකයින් කෑගසනු දක්නට ලැබුණු අතර, එය පිටියේ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය කළේය.

Related posts

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

Maimoonar

මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Maimoonar

රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

Maimoonar