BusinessBusiness NewsLocal NewsNews

වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළට

දේශීය වෙළෙඳපොළේ පවතින ඉහළ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් අමු ඉඟුරු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති. මීට පෙර රුපියල් 300ත් 500ත් අතර මිලකට අලෙවි වූ අමු ඉඟුරු කිලෝවක මිල මේ වන විට රුපියල් 1500 සිට 2000 දක්වා වූ ඉතා ඉහළ මිලක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට මෙන්ම සිල්ලර වෙළෙඳුන්ට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ.

පසුගිය කාලයේ බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ඉඟුරු වගා බිම් රැසක් විනාශ වී යාම මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇත. වගාවන් විනාශ වීම නිසා වෙළෙඳපොළට ලැබෙන අස්වැන්න සීමා වී ඇති අතර එමඟින් නිර්මාණය වී ඇති දැඩි හිඟය හමුවේ මිල පාලනය කිරීමට නොහැකි වී ඇති බවයි වෙළෙඳුන් පෙන්වා දෙන්නේ. වගාකරුවන් පවසන්නේ නව අස්වනු ලැබෙන තෙක් මෙම මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි.

Related posts

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Maimoonar

ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..

Maimoonar

අඩි 5000ට වඩා උස භූමියේ ගොවිතැනේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා – රෝහණ විජේවීර 1970 දී දුටු අනතුර ගැන මන්ත්‍රී නිමල් පලිහේන කියයි

Maimoonar