Local NewsNews

යාපනය මීසාලේයිහිදී මන්ත්‍රී ශ්‍රීදරන් මහතාගේ රියදුරු අත්අඩංගුවට

යාපනය, මීසාලේයි උතුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීදරන් මහතාගේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටි වෑන් රථය යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. මීසාලේයි උතුර ශීයාමාලා හන්දිය අසලදී සිදු වූ මෙම ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය මගින් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදු වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය. මන්ත්‍රීවරයා එම අවස්ථාවේ රථය තුළ සිට ඇති නමුත් ඔහුට මෙම අනතුරින් කිසිදු හානියක් සිදු වී නොමැත.

Related posts

මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

Maimoonar

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Maimoonar

වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක්

Maimoonar