NewsPolitical

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය පෙබරවාරි 6 වැනිදා

අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය, 2026 පෙබරවාරි 6 වැනි සිකුරාදා දින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ එදින පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා මෙම විවාදය පැවැත්වෙන බවයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාව විසින් මෙම තීරණය ගනු ලැබීය.

මෙම විශේෂ විවාදය හේතුවෙන් එදිනට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව වෙනත් දිනකදී සාකච්ඡා කිරීමට ද මෙහිදී තීරණය වී ඇත. මීට අමතරව, 2026 ජනවාරි 28 දිනැති අංක 2473/13 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතය ද එදිනම ප.ව. 5.30 ට විවාදයකින් තොරව අනුමත කර ගැනීමට කාරක සභාවේ එකඟත්වය පළ වී තිබේ.

Related posts

පාකිස්ථානයේ සිර වී සිටි 129ක් දිවයිනට

Maimoonar

ඉන්ධන මිල අඩු කිරීමට බවුසර් වියදම් කළමනාකරණයට CEYPETCO අවධානය

Maimoonar

ජනාධිපති ගමට නොගොස් ගැමියන් කොළඹ කැඳවනවානම් කැලෑ ටික බේරාගත හැකියයි ජනතාව කියනවා.. රටේ ප‍්‍රශ්න විසදන්න අවශ්‍ය කොළඹ සිට විවේක බුද්ධියෙන් කල්පනා කිරීම පමණයි..

Maimoonar