February 14, 2026
Local NewsNewsPolitical

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට පුද්ගලයන් මෙහෙයවූ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් පවසයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරයා ඝාතනයට ලක් වූයේ ඔහු දැරූ දේශපාලන මතය නිසා මිස වෙනත් කිසිදු පෞද්ගලික හේතුවක් මත නොවන බවයි. මෙම සාහසික අපරාධය හේතුවෙන් ඝාතනයට සම්බන්ධ වූ තරුණයන්ගේ අනාගතය අද වන විට විනාශ වී ඇති බවත්, ඔවුන්ගේ සිත් තුළ වෛරය වපුරා මෙවැනි අපරාධයකට ඔවුන්ව මෙහෙයවූ නායකයින් නිදැල්ලේ පසුවීම බරපතළ ගැටලුවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

අහිංසක මිනිසුන් ප්‍රසිද්ධියේ මරා දැමීමට තරම් වෛරයක් ජනතාව තුළ ඇති කළ එම පුද්ගලයන් අද වන විට රටේ ජනාධිපති, ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දරන බවට මහලේකම්වරයා චෝදනා කළේය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ එම නායකයින්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි රජයක් යටතේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු මෙහිදී දැඩිව අවධාරණය කළේය.

එවැනි පුද්ගලයින් රටේ පාලන බලයේ සිටින වාතාවරණයක් තුළ පවා, ස්වාධීනව මෙම නඩු තීන්දුව ලබා දීමට අධිකරණය කටයුතු කිරීම පිළිබඳව තමන් ගෞරවයෙන් ස්තූතිවන්ත වන බව ද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව ඉදිරියට ගලා යාම පිළිබඳව පක්ෂයක් ලෙස තමන් සතුටට පත්වන බව ද ඔහු පැවසීය.

Related posts

බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..

Maimoonar

ඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායි

Maimoonar

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමල් වීරවංශට සහ ස්වර්ණවාහිනියට එන්තරවාසි

Maimoonar