Local NewsNews

පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය පිළිබඳව බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් විවේචනාත්මක අදහස්

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වත්මන් පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ හැසිරීම් සහ එහි සංයුතිය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළහ. පාර්ලිමේන්තුව තුළ විවිධ චෝදනාවලට ලක්වූ පුද්ගලයන් සිටින බවත්, ජනතාව විසින් “ආප්ප, ගල්, කෝපි සහ තේ” යනුවෙන් තමන් හැඳින්වූ සියලු දෙනාම රොත්ත පිටින් පාර්ලිමේන්තුවට එවා ඇති බවත් උන්වහන්සේ උපහාසාත්මකව ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා සම්බන්ධයෙන් මතු වී ඇති ඇතැම් පෞද්ගලික සිදුවීම් සහ මන්ත්‍රීවරුන්ගේ විවිධ ක්‍රියාකලාපයන් මෙහිදී උන්වහන්සේගේ දෝෂදර්ශනයට ලක් විය. රටේ ඡන්දදායකයන් විසින් සිදුකළ මෙම තෝරාගැනීම පිළිබඳව විමසිලිමත් විය යුතු බවත්, පාර්ලිමේන්තුව තුළ සිටින පිරිස් නිසි ලෙස හඳුනා ගැනීමට දැන් ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

ඔබේ පණ බේරා ගත්තේ මායි.. මට අත තබා වැඩේ වන කර ගන්න එපා…- ෆොන්සේකා ජනපතිට අනතුරු අගවයි..

Maimoonar

රනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයට

Maimoonar

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

Maimoonar